Published
මාදුරුඔය ජලාශයට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙස දෙහිඅත්තකන්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට සහ ගුවන් හමුදාවට නියෝග කර තිබෙනවා.
ඒ සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකන්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමින් වැඩබලන මහේස්ත්‍රාත් යූ රාජපක්ෂ මහතා මෙසේ නියෝග කළා.
මාදුරුඔය ජලාශයේ ගුවන් අනතුර සිදු වූ ස්ථානය සහිත ජල තීරයද වැඩ බලන මහේස්ත්‍රාත් යූ රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණය කර තිබෙනවා.