මුලතිව් මාන්කුලම පනික්කන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබි මවකගේ හා දැරිවියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව මාන්කුලම පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අදාළ මළ සිරුරු සොයාගත් බවයි.
වයස අවුරුදු 38 ක් වු උසාකරන් මාලිනි වන මවගේ හා වයස අවුරුදු 11 ක් වු උසාකරන් මික්සා හා වයස අවුරුදු 04 ක් වු උසාකරන් සදූෂා යන දරුවන් දෙදෙනාගේ මළ සිරුරු එලෙස හමුවු බවද පොලිසිය සදහාන් කරනවා.
තමන් ජිවත්වු ගෙවත්තේ ළිඳ තුළ තිබි අදාළ මළ සිරුරු හමුව ඇති අතර හමුවු මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මාන්කුලම රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මරණයන් සියදිවි නසා ගැනීමක්ද නැතහොත් වෙනත් කාරණයක්ද යන්න සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය වැඩිදුරටත් පැවසූවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.