මාරවිල, මුදුකටුව වෙරළ තීරයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි මාරවිල පොලීසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.