මාලදිවයින් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සංචාරය නිමා කරමින් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණියා.
ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ අනෙකුත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස ද යළි දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 104 දරන ගුවන් යානයෙන් එම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මාලදිවයිනේ සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 28 වනදා උදෑසනයි.
ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූණේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතාගේ ආරාධනයකට අනුවයි.
මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සමඟ මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත් වූවා.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසුමක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ද එහිදී හුවමාරු කර ගැනුණා.
එමෙන්ම ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කර තිබූ ව්‍යාපාරික සංසදය ද, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ හමුව ද අමතනු ලැබුවා.
වසර 60ක් පුරා දෙරට අතර පවතින දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතා සහ සුහදත්වය මත ගොඩනැඟුණ මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අවධාරණය කළා.
ඒ අනුව, දෙරට අතර සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.