Published
මාලදිවයිනේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එරට නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙකු හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.
එහිදී මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික සංවර්ධන සහ වෙළෙඳ අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යවරයා, මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා සහ ස්වදේශ ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යවරයා හමුවී, ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම සාකච්ඡාවලදී දෙරට අතර ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීමේ 60 වන සංවත්සරය සනිටුහන් කරමින් සිදු කළ මෙම සංචාරය අනාගතයේදී වඩාත් ගැඹුරු සහයෝගීතාවක්, පුළුල් අවබෝධයක් මෙන්ම වඩා යහපත් මිත්‍රත්වයක් සඳහා පදනම වනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි ඔවුන් පවසා ඇත්තේ.