කුමන චෝදනා එල්ල වුවද නීතිගරුක රටක් ගොඩනැඟීම සඳහා සිය රජය අඛණ්ඩව කැපවී සිටින බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී පොලීසිය වෙනස් ආකාරයකින් කටයුතු කරන බවට විපක්ෂය එල්ල කරන චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක රංවල සහ ශාන්ත පද්මකුමාර සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන්ට දඬුවම් විඳීමට සිදුව ඇති බවයි විපක්ෂය පවසන්නේ.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.

විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා.