2026 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භ වුණා. එය දින 17ක් පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, කොමිෂන් සභා ඇතුළු වැය ශීර්ෂ 21 අද දිනයේ විවාදයට ගැණුනා.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා අදහස් පළ කළා.
ජාතික ජන බලවේගයට බලය හිමි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියකට බැන වැදුණා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා.
ඒ පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා යොමු කළ ප්‍රශ්නයකට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය ප්‍රතිචාර දැක්වුවා.




