වැලිගම ප්‍රාදේශීය සභාව තුළ අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හට ගැනුනා.

ඒ, ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට යාමේදීයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බවටයි එහිදී චෝදනා එල්ල වුණේ.

ඒ හේතුවෙන් සභාවේ කටයුතු ආරම්භ කිරීමට හැකි වුණේ නැහැ.

වැලිගම ප්‍රාදේශීය සභාව තුළ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙම වාර්තාව එම ස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු ටී.කේ. මහින්දගෙන්.

ඉකුත් දා පැවති පළාත් පාලන මැතිවරණයේදී වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 22ක් තේරී පත් වුණා.

සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ද ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ අතර විපක්ෂයේ තවත් කණ්ඩායම් හතරකට තවත් මන්ත්‍රී ධූර 08ක් හිමිව තිබෙනවා.