කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධ අදහස් පළ කරමින් සිටිනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවම සඳහා සියලු දේශපාලන පක්ෂ සමග පවත්වන සාකච්ඡා අවසන් අදියරේ පසුවන බවයි.
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව බහුතර බලය වර්තමාන රජයට ලබා දී ඇති බැවින් ස්ථිර වශයෙන්ම කොළඹ මහනගර සභාවේ බලය ජාතික ජන බලවේගය හිමි කර ගන්නා බවයි නිවාස නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ටී බී සරත් මහතා පැවසුවේ.
පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරු ඇතැම් පළාත් පාලන ආයතනවල කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසුවේ.
බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය නිසි ක්‍රමවේදයකට අනුව පිහිටුවීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.
ඡන්ද විමසීම රහස් ඡන්දයක්ද? විවෘත ඡන්දයක්ද? මේ ඒ පිළිබඳව කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.
මේ අතර කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයද අද දිනයේ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගයද ප්‍රධාන දේශපාලන කණ්ඩායම්වල නියොජිතයින් සමග සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.