Published
ජාතික ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාලව ආණ්ඩුව නිහඬ මන්දැයි මාධ්‍යවේදීන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් ප්‍රශ්න කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම සිද්ධියට අදාල විමර්ශන කටයුතු නිසි පරිදි සිදුවන බවයි.
මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරම් මර්දනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවා.




