එප්පාවල ඇඳගල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු දෙසැම්බර් මස 10 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඔුත්තේගම මහේස්ත්‍රාත් ගයාත්‍රි හෙට්ටිආරචිචි මෙනවිය අද නියෝග කර තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබියදී පොලිසිය බාරයට ගෙන ඇති හෙරෝයින් බවට සැක කෙරෙන ද්‍රව්‍ය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට තවදුරටත් නියෝග කල මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය සම්බ්නධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් දෙසැම්බර් මස 10 දින අධිකරණය ඉදිරිපත් කරන ලෙසටද නියෝග කෙරුණා.

සැකකරුවන්ගේ නමින් ඇති දුරකථන සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා පොලිසියට ලබා දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරිය සියළු දුරකථන සමාගම් වල කලමනාකාරිත්වයන්ට නියෝග කෙරුනා.

සැකකාර හිටපු විදුහල්පතිවරයාගේ හෙරෝයින් ජාවාරම් කිරීමේ සිද්ධියට සැකකාර හිටපු විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද සම්බන්ධ බවට විමර්ශන වලදී අනාවරණ වී ඇති බව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන් පොලිසිය ඔහුද මෙම නඩුවට සැකකරුවෙකු ලෙස නම් කරන බවද දැනුම් දුන්නේය

මෙසේ නියෝග කළේ මෙම සැකකරුවන් දෙදෙනා අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් විසික් අධිකරණයට ඉරිරිපත් කල අවස්ථාවේදීයි.

මෙසේ යළි රිමාන්ඩ් කළේ තඔුත්තේගම අධ්‍යපන කලාපයේ එප්පාවල කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක හිටපු විදුහල්පතිවරයෙකු වන ජයන්ත බාලසූරිය සහ එප්පාවල ඇදගල නල්ලමුදාව පාර පදිංචි තරිදු ධනංජය වික්‍රමසිංහ යන සැකකරුවන්ය

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිය මූලික කරුණු දැක්වීම් වලදී පැවසුවේ පළමු සැකකරු (හිටපු විදුහල්පතිවරයා) කලක සිට හෙරෝයින් අළෙිවය කරගනෙ ගොස් ඇති බවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කල මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණ වූ බවයි

ඒ සම්බන්ධයෙන් නිශ්චිතව කරුණු ුඅනාවරණ කර ගැනීම සඳහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුටරත් විමර්ශන සිදු කෙරෙන බවද පොලීසිය සඳහන් කර සිටියා.

එකී විමර්ශන සඳහා සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය බවද කියා සිටි පොලිසිය සැකකරුවන්ගේ නමින් ඇති දුරකථන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා විමර්ශන නිලධාරීන්ට ලබා දෙන ලෙස සියළු දුරකථක සාමාගම් වල කළමනාකාරිත්වයට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය

සැකකාර විදුහල්පතිවරයා හෙරෝයින් සමඟ අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක වැඩ බලන විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරමින් තිබුනා.

අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ඔහුගේ රාජකාරි වැඩ තහනම් කෙරිණ සැකකාර විදුහල්පතිවරයාගේ බිරිය පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරියක ලෙස කටයුතු කල අතර සිය සැමියා හෙරෝයින් සමඟ අත් අඩංගුවට පත්වීමත් සමඟ ඇය සිය මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස් විය.