සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහායක නිලධාරියෙකුට කොලොන්න ප්‍රදේශයේදී රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේදී සිදුකළ එම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා ද එම පොලිස් නිලධාරියා සම්බන්ධව කොලොන්න පොලීසියට පැමිණිලි කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
අදාල පොලිස් නිලධාරියා බීමත්ව මන්ත්‍රීවරයා ගමන් ගත් රථය අවහිර කර තර්ජනය කළ බව පවසමින් ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා එම පැමිණිල්ල කර තිබෙනවා.
කෙසේවෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මඟ පෙන්වීම යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ.




