පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මාවිල්ආරු වැව් බැම්ම බිඳී යමෙන් අවතැන් වූවන් සේරුවාවිල රජමහා විහාරයේ ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව රැඳවීමට තීරණය කර තිබෙනවා.

මාවිල්ආරු වැව් බැම්ම බිඳී යාමෙන් එහි සිරවී සිටින පිරිස් බේරා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කෙරුණා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද සෘජු අධීක්ෂණය යටතේයි.

මූතූර් සහ නීලපොළ යන ප්‍රදේශවල ජනතාව ඊයේ රාත්‍රීයේම ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

තංගවේලී ගම්මානයේ සිටින තවත් 1,000ක පමණ පිරිසක් බේරාගැනීම සදහාද මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

කින්යා නගරය ද සම්පූර්ණයෙන් ජලයෙන් යටවී තිබෙනවා.

මාවිල්ආරු වැව් බැම්ම බිඳී යෑමෙන් සෝමපුර, සිරිමංගලපුර, කල්යාර්, දෙහිවත්ත යන ප්‍රදේශවලටයි බලපෑම් එල්ල වී ඇත්තේ.

එම ප්‍රදේශවල ජනතාව පසුව සේරුනුවර නවෝද්‍යා පාසලට ගුවනින් රැගෙන යෑමට කටයුතු කර තිබුණා.

මාවිල්ආරු වැව් බැම්ම බිඳී යමෙන් අවතැන් වූවන් බේරා ගැනීමේ මෙම මෙහෙයුම සදහා ගුවන් හමුදාවද එක්ව සිටිනවා.

මේ වනවිටත් ගුවන් මෙහෙයුම් මඟින් පුද්ගලයින් 121 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකිවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ.