Published
                
                 
                
            ඉකුත් අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ බහුදින ධීවර යාත්‍රා මගින් මෙරටට රැගෙන ආ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,758ක් සිය භාරයට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදු කළ වැටලීම් 4කට අදාළවයි.
එම වැටලීම්වලට අදාළව සැකකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිය භාරයට ගත් සමස්ත හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 10. 84ක් වන බවයි පොලීසිය පවසන්නේ.
එමෙන්ම සිය භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 12.16ක් පමණ වන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.




