දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ “ඩී්‍රම් ඩෙස්ටිනේශන්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එහිදී පෙන්වාදී ඇත්තේ රට සංවර්ධනය කිරීම සඳහා සියලුදෙනා එක් විය යුතු බවයි.
ඒ සඳහා ඕනෑම අයෙකුට දායක විය හැකි වේදිකාවක් වත්මන් රජය විසින් සකස් කර ඇති බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වාදී තිබෙනවා.
“ඩී්‍රම් ඩෙස්ටිනේශන්” දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරිකයන්ට සිය ස්තුතිය පළ කරන බවද ජනාධිපති ලේකම්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.
ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිතයි.
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
මාස 06ක් ඇතුළත මෙම ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුන් සහ ව්‍යාපාරිකයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.