ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ ගැටලු විසඳීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා. ඒ අනුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සමග එක්ව සෑම ක්‍රීඩකයෙකු සමගම පෞද්ගලිකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි චරිත් අසලංක පැවසුවේ.

කාසිය වාසිය තීරණය කුමක් වුවත් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් ලෙස ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් විය යුතු බවයි ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා බංග්ලාදේශ තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අවසානයේ තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රෙක්ෂකයින් මෙලෙස අදහස් පළ කළා.