සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මැතිවරණය නමැති ලිට්මස් පරික්ෂණයට සිය පක්ෂය සූදානම් බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අභිනවයෙන් පත් වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආචාර්ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට විපක්ෂ නායකවරයා එහිදී පිළිතුරු ලබා දුන්නා.