නව දේශපාලන පක්ෂ 77 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වීම සඳහා මැතිවරණ කොමිසම වෙත අයදුම්පත් යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ එම අයදුම් පත්‍රවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මූලික නිර්ණායක සුපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ බවයි.

මේ අතර මාර්ගගත ක්‍රමය යටතේ ඡන්දදායකයින් ලියාපදිංචි විය යුතු ආකාරය පිළිබඳව දිස්ත්‍රික්ක කිහිපයක වැඩසටහන් පවත්වමින් සිටින බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.