සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරඟය වීම විශේෂත්වයක්.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්ට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීම සඳහා තරඟය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඔහුගේ දැවැන්ත ඡායාරූප සහිත පුවරුවලින් සරසා තිබෙනවා.

මේ අතර ඇන්ජලෝ මැතිව්ස් අද ගාල්ලේදී මාධ්‍ය හමුවකටද එක් වුණා.

එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.