ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ලොව හොඳම මැතිවරණ කොමිසම ලෙස සම්මානයට පාත්‍රවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පිළිතුරු ලබාදුන් අවස්ථාවේදීයි.

පළාත් සභා මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර අග්‍රාමාත්‍යවරිය ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.