මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි සියලුම වැවි ආසන්නව පදිංචිව සිටින, සියලුම ජනතාවට හැකි ඉක්මනින් එම නිවෙස් වලින් ඉවත්වන ලෙසට දන්වා තිබෙනවා.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේබව සඳහන් කර සිටියා.

එම ඉවත් වන පිරිස් සඳහා මැදවච්චිය ආපදා සහන සේවා අංශය විසින් ආපදා කදුවුරු 04 ක් මේවන විට ස්ථාපිත කර ඇති එතර එම ස්ථාන වෙත ජනතාව රැගෙන යාමට සහන සේවා නිලධාරින් කටයුතු කරන බවත් ඒ පිරිස් සඳහා සහය ලබා දෙන ලෙසත් දන්වා සිටිනවා.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ 56,000ට ආසන්න ජන ග්‍රහණයක් පදිංචිව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මේවන විට අවධානම් සහගත වැව් -

මැදවච්චිය මහ වැව, කිඩවරන් කුලම මහ වැව, සංගිලි කනදාරාව මහ වැව, කිරිගල්ලෑව මහ වැව, නාගදරණ මහ වැව මහ වැව,ළිඳිහිටි දමන මහ වැව, ඇතාකඩ මහ වැව , කොප්පැටියාව වැව, ලොලුගස්වැව මහ වැව , පරණ හම්මිල්ලෑව මහ වැව, පේද්දගම වැව, කෝන්ගොල්ලෑව මහ වැව, ඉහලතම්මන්නෑව මහ වැව, පුහුදිවුල මහ වැව , අලුත් හම්මිල්ලෑව මහ වැව ඇතුලු වැව් 20ට ආසන්න ප්‍රමාණයක් දැඩි අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ