Published
ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ, ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාල සටහනකට අනුව ධාවනය කරවීමට ප්‍රවාහන බලධාරින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්. සමගි ප්‍රවාහන සේවක සංගමයේ සභාපති නිරෝෂන් සම්පත් ප්‍රේමරත්න මහතා එම වර්ජනයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක් ආරම්භ කළ ද ලංගම බස් ධාවනය අද දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ. ඒකාබද්ධ කාලසටහන කඩාකප්පල් කිරීම සඳහා ඉල්ලා සිටින කිසිදු ඉල්ලීමකට හෝ සාකච්ඡාවකට එකඟ නොවන බවද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ලංගම පෞද්ගලික ඒකාබද්ධ බස් ධාවන කාල සටහන සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.