Published
මැලේසියානු අගමැති ගරු දාතෝ සේරි අන්වර් බින් ඉබ්‍රාහිම් මහතා සහ විජිත හේරත් මහතා අතර අගමැති කාර්යාලයේ දී හමු වී තිබෙනවා.
මෙම හමුව සිදු වී තිබෙන්නේ 58 වන ආසියානු විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට මැලේසියාවේ නිරත සංචාරය අතරතුර දී වන අතර ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර දිගුකාලීන පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අපි ඵලදායී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රත්වය වඩාත් ශක්තිමත්ව තහුවරු කිරීමට ද අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් මහතා බලාපොරොත්තු වන බව මෙහි දී පෙන්වා දී තිබුණා.
ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකා රජය ගනු ලබන සෑම ධනාත්මක පියවරයක් සඳහාම සිය ආශිර්වාදය හිමි වන බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කර තිබෙනවා.