මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් පිළිබඳ වාර්තාව පොලීසිය වෙත භාර දී තිබෙනවා.

එම රසායනික ද්‍රව්‍ය සාම්පල බහුතරයක, ‘අයිස්’ හෙවත් මෙතම්ෆෙටමීන් අඩංගු බවයි තහවුරු වී ඇත්තේ.

ඒ, සම්බන්ධයෙන් ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් සිදු කළ පරික්‍ෂාවකින් මේ බව තහවුරු වී ඇති බව පොලීසිය පැවසුවා.

මිද්දෙණියේ ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබියදී අදාළ රසායන ද්‍රව්‍ය තොගය සොයාගැණුනේ ඉකුත් 05 වනදායි.

මිද්දෙණියේ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසුව තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමකින්ද අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා තවත් රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් සොයාගැණුනා. පසුව කඳාන ප්‍රදේශයෙන්ද ඉකුත් දා ඊට සමාන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසියට හැකි වුණා.