මිනුවන්ගොඩ, අඹගහවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පතරොම් කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදි ටී 56 ජීව පතරොම් 8 ක් සහ පුහුණු පතරොම් 15ක් සැකකරු සන්තකයේ තිබි සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹගහවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.