නීතිමය ක්‍රියාවලිය අවසන් වූ වහාම ඖෂධ මිල සූත්‍රය ක්‍රියාත්මත කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ අනුව ජනතාව වැඩි වශයෙන් භාවිත කරන ඖෂධ වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඖෂධ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.