Published
මීටියාගොඩ, මලවැන්න පාර ප්‍රදේශයේදී පසුගිය 01 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා තලවකැලේ කඳවුරේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත තලවකැලේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරු ආගරපතන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. සැකකරු 31ක් හැවිරිදි ළිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එම වෙඩි තැබීම සිදුකර යතුරුපැදියෙන් පලා යමින් සිටි සැකකරුවෙකු වෙඩි තැබීමට යොදාගත් බවට සැක කෙරෙන ටී-56 ගිනි අවිය හා යතුරුපැදිය සමඟ තෙල්වත්ත ප්‍රදේශයේදී එදිනම අත්අඩංගුවට ගෙන තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.