Published
මීට පෙර බලයේ සිටි ඇතැම් දේශපාලඥයින් ජනතා බදු මුදල් අනීතික ලෙස භාවිත කර ඇති බව අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ එලෙස බදු මුදල් භාවිත කළ එරෙහිව පරීක්‍ෂණ මේ වන විට ක්‍රියාත්මක බවයි.
වර්තමානයේ ජනතාවගේ ජීවිත තුළට රටේ ආර්ථිකය ගලා යාම ආරම්භ වී ඇති බවයි අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවේ.