Published
මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා.
එම නඩු විභාගය පැවැත්වුණේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේදීයි.
අදාළ නඩු විභාගය සඳහා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා නැමැති විත්තිකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ සාක්ෂි සටහන කර ගැනීමද සිදුවුණා.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 01 වනදා තෙක් කල් තැබීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියෝග කළේ.