මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7යි දශම 7යි 5 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇති.

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුවයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත්තේ.

වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය සියයට 5ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇති බවයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පවසන්නේ.