2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවයලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමින්.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී ලකුණු 203ක් රැස් කළා.

සූර්යකුමාර් යාදෙව් පන්දු 26කදී ලකුණු 44ක් රැස් කළ අතර තිලක් වර්මා පන්දු 29කදී ලකුණු 44ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 05කට ලකුණු 207ක් රැස් කරගනිමින් මෙම තරඟය ජය ගැනීමට සමත් වුණා.

පංජාබ් කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරඟයට රැගෙන ගිය නියමුවා වූ ශ්‍රෙයාස් අයියර් පන්දු 41කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 87ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 05ක් සහ හයේ පහර 08ක් ඇතුළත් වුණා.

ඒ අනුව තරඟයේ වීරයා සම්මානයද හිමි වුණේ පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ශ්‍රෙයාස් අයියර්ටයි.

පංජාබ් කිංග්ස් කණ්ඩායම අයි පී එල් ඉතිහාසයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙය වනවා.

2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අහමදාබාද්හිදී හෙට පැවැත්වෙන අතර පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම එහිදී මෙවර අයි පී එල් කිරුළ වෙනුවෙන් සටන්වැදීමට නියමිතයි.