නුවරඑලිය හග්ගල පිහිටි පෞරාණික සීතා අම්මන් කෝවිල (01) දින රාත්‍රියේ බිද එම කෝවිලේන් කිහිපයක ස්ථාන ගත කර තිබූ පඩුරු පෙට්ටි 06ක් බිද එහි තුල වූ මුදල් රැගෙන ගොස් ඇති බවට එම කෝවිලේ පාලක සභාව විසින් නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

එම කෝවිල තුල විශේෂයෙන් සකස් කරන පඩුරු පෙට්ටි 06ක් තිබි ඇති අතර ඉන් හිස් පඩුරු පෙට්ටි 03ක් කෝවිල අසළින් ගලා බසින ඇළ මාර්ගයකට වීසි කර දමා කෝවිල තුල සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාව රැගෙන ගොස් තිබෙනවා.

එම කෝවිලේ පාලක සභාව විසින් නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

කෝවිල තුල මුරකරුවෙකු සිටියත් එම මුරකරු නිදා සිටි අවස්ථාවේ සැකකරුවන් කෝවිල තුලට පිවිස මෙම සොරකම සිදු කර ඇති බවයි සදහාන් වන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නුවරඑලිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ පවත්වනු ලබනවා.