මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ වැව් බැම්මේ කැඩී ගිය කොටස මේ වන විට ප්රතිසංස්කරණය කරමින් පවතින බව මුලතිව් දිස්ත්රික් වාරිමාර්ග කාර්යාලය පවසනවා.
මුලතිව් දිස්ත්රික් වාරිමාර්ග කාර්යාලය පැවසූවේ වැවේ වාන ආසන්නයේ වැව් බැම්මේ කොටසක් කැඩී ගොස් තිබු අතර,යුධ හමුදා නිළධාරීන්, ප්රදේශවාසීන්ගේ සහයෝගය මත වැව් බැම්මේ කැඩී ගිය ස්ථානය මේ වන විට ප්රතිසංස්කරණය කරමින් පවතින බවයි.
වැවේ වාන් ජලය අධික ලෙස පිටවු බැවින් වාන ආසන්නයේ වැව් බැම්මේ කොටසක්ද ජල ගැලීම්වලට ලක්ව කැඩී ගොස් තිබුණා.
මුලතිව් දිස්ත්රික් වාරිමාර්ග දෙපාර්තමේන්තමේන්තුව පැවසූවේ වැව් බැම්ම කැඩීයාමේ අවධානමක් පවතින බවට වන කටකතාවලට නොරැවටෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් කරන බවයි.
වැව් බැම්ම සම්පූර්ණයෙන් කැඩීයාමේ කිසිදු අවධානමක් නොමැති අතර, මේ වන විට බැම්මේ කැඩී ගිය කොටස වැලි කොට්ට යොදා ආරක්ෂා කොට ඇති බවද ස්ථිර විසදුමක් කඩිනමින් ලබාදීමට නියමිත බවද දිස්ත්රික් වාරිමාර්ග කාර්යාලය පැවසුවා.




