Published
ජල ගැලීම් හේතුවෙන් ස්ථාන දෙකකින් කැඩී ගොස් තිබු මුලතිව් වට්ටුවාකල් පාලම තාවකාලිකව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පාලම මතින් වාහන ගමනාගමන කටයුතු ඊයේ(03) සවස සිට ආරම්භ කර තිබෙනවා.
මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසූවේ මාර්ගයේ කැඩී ගිය ස්ථාන තාවකාලිකව සකස් කොට පාලම හරහා වාහන ගමනාගමනය වෙනුවෙන් අවස්ථාව සකස් කොට ඇති බවයි.
මුලතිව් දිස්ත්‍රික්කයට පිවිසෙන ප්‍රධාන පිවිසුමක් වන මුලතිව් පරන්තන් ප්‍රධාන මාර්ගය වට්ටුවාකල් පාලම හරහා වැටී ඇත.
නන්දිකඩාල් කලපුවේ ජල මට්ටම අඩු වු විගස පාලම ස්ථිර වශයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට නියමිත බවද මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසූවා.
පාලම හරහා වාහන ගමනාගමන කටයුතු නැවත ආරම්භ කළ අයුරු දැක්වෙන ඡායාරූප පහතින් දැක්වෙනවා.





