Published
                
                 
                
            තවත් බහුදින ධීවර යාත්රාවක් අද පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරකට ලක්ව තිබෙනවා.
හික්කඩුව ධීවර වරායෙන් මුහුදුගිය බහුදින ධීවර යාත්රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
බහුදින ධීවර යාත්රාවේ සිටි ධීවරයන්ට කිසිදු අනතුරක් සිදුව නොමැත.
කෙසේ වෙතත් බහුදින ධීවර යාත්රාවට හානි සිදුව ඇති අතර, එහි තෙල් කාන්දුවීමක්ද සිදුවෙමින් පවතින බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
මේ වනවිට බෝට්ටුවේ තිබෙන භාණ්ඩ ඉවත්කරමින් සිටින බව හික්කඩුව පොලීසිය වැඩි දුරටත් සදහන් කර සිටියේ.




