මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

ඒ, ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්‍රී තැපැල් දුම්රිය අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.

දුම්රිය ප්‍රමාදයක් තිබුණ ද දුම්රිය ධාවනය සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මීට නොබෝ වේලාවකට පෙර කළ විමසීමකදී පැවසුවේ.

කාර්මික දෝෂයකට ලක් වූ ගාල්ල සිට මරදාන බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද මේ වන විට කොළඹ බලා පැමිනෙමින් ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.