මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් අද මධ්‍යහ්න 12 සිට ඉවත් වීමට දුම්රිය රියදුරන් ගෙන තිබූ තීරණය අත්හිටුවා තිබෙනවා.

දුම්රිය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා පැවසුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසු එම තීරණය අත්හිටවූ බවයි.