මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 673ක් කුඩා ඩිංගි බෝට්ටුවකින් ගොඩ බිමට රැගෙන එමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කල්පිටිය නාවුක හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් කල්පිටිය – කාරතිව් වෙරළට නුදුරින් මුහුදේදී සිදු කළ මෙහෙයුමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 සහ 48 යන වයස්වල පසුවන කල්පිටිය, තොරඅඩිය සහ කල්පිටිය නගරයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

අදාළ මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 673 පොලිතින් මළු 15ක අසුරා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.

සැකකරුවන් සහ මුහුදු කූඩැල්ලන් තොගය පුත්තලම දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන්ට භාර දී තිබෙනවා.