Published
කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක සිදුවු පිපිරීමකින් සිදුවු ඉන්ධන කාන්දුව මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පවසනවා.
එහි සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කළේ අද අලුයම සිදුවු එම ඉන්ධන කාන්දුවෙන් බොරතෙල් මෙටි්‍රක් ටොන් 200ක් පමණ මුහුදු ජලයට මිශ්‍ර වී ඇති බවයි.
මුහුදු ජලයට මිශ්‍ර වු ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව හා සමූද්‍රී පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නාවික හමුදාව එක්ව මේ වනවිට සිදු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.




