නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක්.
දැන් තවත් පිරිස් ප්‍රශ්න කරන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමක් සිදුවේද යන්න පිළිබඳවයි.
නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගෙන් මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විෂය මාලාවට අලුතින් එක්වන විෂයක් වන්නේ ව්‍යවසායකත්වයයි.
ව්‍යවසායකත්වය විෂයමාලාවට ඇතුළත් කළේ ඇයි? කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
මේ අතරතුර අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන්ම අවසන් කර නොමැති බවයි.
ඒ සඳහා අදහස් හා යෝජනා ලබාදීමට තවදුරටත් අවස්ථාව පවතින බවත් එය දීර්ඝ කාලීන සැලසුමක් බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.



