Published
පානදුර, හිරණ ප්රදේශයේ මෙට්ට නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක අද පස්වරුවේ හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.
පස්වරු 01ට පමණ හටගෙන ඇති එම ගින්න සවස 06යි 15 පමණ වන විට පාලනය කළ බවයි ගිනි නිවන දෙපාර්තමේන්තුව පැවසුවේ.
ගින්න පාලනය කිරීම සඳහා මොරටුව, කොළඹ සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවල ගිනි නිවීම් රථ 08ක් යෙදවූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.




