මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ හෙරොයින් කිලෝ 1,793 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3,683 ක් සිය භාරයට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 6,641 දෙනෙකු මෙම වසර තුළ සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම වසර තුළ සිදු කෙරුණු විවිධ වැටලීම්වලදී ටී 56 ගිනි අවි 73ක්, පිස්තෝල අවි 83 ක්, රිවෝලර් 59 සහ වෙනත් අවි 2,126 ක් පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියා.