Published
මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ, අනුව වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 269,780ක්.
දෙවනුවට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ තිබෙනවා.
එරටින් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 124,652ක්.
එමෙන්ම රුසියාවෙන් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙන්නේ114,644ක් ලෙසටයි.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත මඟින් පෙන්වා දී ඇත්තේ මෙම වසරේ ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 145,188ක් මෙරටට පැමිණ ඇති බවයි.