පසුගිය මාස කිහිපය පුරා ඍණ අගයක් ගෙන තිබූ මෙරට උද්ධමනය නැවත වරක් ඉහළ යාමට කාලීනව මතුවන තත්ත්වයන් හේතු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ උත්සව සමයන්, අධික වැසි වැනි තත්ත්වයන් හේතුවෙන් ඉකුත් කාලසීමාවේ මෙරට උද්ධමනය විචලනයකට ලක්වූ බවයි.

පවතින ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.