මෙරට ජනාධිපතිවරුන් විශ්‍රාම යාමේදී ඔවුන්ගේ ආරක්‍ෂාව මෙන්ම අනෙකුත් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙළක් සකස් විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. මන්ත්‍රීවරයා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කරනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවයි.