හික්කඩුව, අමරසේන මාවත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි. එහිදී එම ගිනි අවිය සමග මිලි මීටර් 09 ජීව පතොරම් 18ක් සහ බෝර 12 ජීව පතොරම් 03ක්ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හික්කඩුව පොලීසිය මගින් සිදු කරනු ලබනවා.