මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර පුද්ගලික සමාගමක වව්නියාව ශාඛාවේ ප්‍රදේශීය කළමනාකාරවරයා ලෙස වසර 15 ක් සේවය කල තමාට අසත්‍ය චෝදනා 26 ක් එල්ල කරමින් අදාළ ආහාර පුද්ගලික සමාගමේ කළමනාකාරිත්වය තමා එකී තනතුරින් නෙරපා හැරීම අභියෝගයට ලක් කරමින් අධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් විභාග කල අනුරාධපුර කම්කරු විනිශ්චයාධිකරණයේ සභාපති සහ අතිරේක මහේස්ත්‍රාත් එම් ඒ එන් නිර්මාණි සරත්චන්ද්‍ර මහත්මිය පෙත්සම්කාර ප්‍රාදේශීය කළමනාකාරවරයා පෙර තත්වයෙන්ම යළි සේවයේ පිහිටුවන ලෙස වගඋත්තරකාර ආහාර පුද්ගලික සමාගමේ කළමනාකාරිත්වයට නියෝග කර තිබෙනවා. ඊට අමතරව පෙත්සම්කාර ප්‍රාදේශීය කළමනාකාරවරයාට මුදලින් රුපියල් අසූ එක් ලක්ෂ පනස් හත් දහස් පන් සියයයක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකාර ආහාර පුද්ගලික සමාගමේ කළමනාකාරිත්වයට නියෝග කල අතිරේක මහේස්ත්‍රාත්වරිය එම වන්දි මුදල් පෙත්සම්කාර ප්‍රාදේශීය කළමනාකාරවරයාට ලබා ගැනීමට හැකි වන පරිදි අනුරාධපුර දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස්වරයා බාරයේ තැන්පත් කරන ලෙසටද තවදුරටත් නියෝග කරනු ලැබුවා. මෙසේ නියෝග කළේ මෙරට ප්‍රමුඛ පෙලේ ආහාර පුද්ගලික සමාගමක වව්නියාව ශාඛාවේ කළමනාකරු ලෙස සේවය කල වව්නියාව මඩුකන්ද පදිංචි ඩබ් එම් සමීර බුද්ධික බංඩාර මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා මගින් කොළඹ 01 යෝර්ක් වීදියේ පිහිටි වගඋත්තරකාර ආහාර පුද්ගලික සමාගමේ කලමනාකාරිත්වය මෙම නඩුවේ වගඋත්තරකරු කරමින් අනුරාධපුර කම්කරු විනිශ්චයාධිකරණය හමුවේ පැවරූ නඩුවක් විභාග කර එහි තීන්දුව ලබා දෙමිනි. නඩුවේ තීන්දුව ලබා දෙමින් අනුරාධපුර කම්කරු විනිශ්චයාධිකරණයේ සභාපති සහ අතිරේක මහේස්ත්‍රාත් එම් ඒ එන් නිර්මාණි සරත්චන්ද්‍ර මහත්මිය පැවසුවේ පෙත්සම්කාර ප්‍රාදේශීය කළමනාකාරවරයාට එරෙහිව වගඋත්තරකාර ආහාර පුද්ගලික සමාගමේ කළමාකාරිත්වය විසින් වෙන් වෙන් වශයෙන් එල්ල කර ඇති චෝදනා විසි හයෙන් (26) කිසිදු චෝදනාවක් අධිකරණ නඩු විභාගයේදී සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට වගඋත්තරකාර ආහාර පුද්ගලික සමාගමේ කළමනාකාරිත්වය අසමත්ව ඇති බවයි. ඒ අනුව පෙත්සම්කරු ඔහු දරමින් සිටි ප්‍රාදේශීය කළමනාකාර තනතුරින් නෙරපා හැරීම අසාධාරණ සහ අයුක්ති සහගත බවට අතිරේක මහේස්ත්‍රාත්වරිය තීන්දු කළ අතර පෙත්සම්කාර ප්‍රාදේශීය කලමනාකාර ඩබ් එම් සමීර බුද්ධික බංඩාර මහතා සුළු සේවකයෙකු ලෙස වගඋත්තරකාර ආහාර පුද්ගලික සමාගමේ සේවයට එක් වී පසුව ප්‍රාදේශීය කලමනාකරු තනතුර දක්වා උස්සවීම් ලබා ඇති බවත් ඔහු වසර 15 කට අධික කාලයක් වගඋත්තරකාර ආහාර පුද්ගලික සමාගමේ සේවය කර ඇති බවත් අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය. පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර සමාගම වෙනුවනේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙනර් දිසානායාක මහතා පෙනී සිට තිබෙනවා.
Published