ලෝක වෙළද පොලේ රත්රන් මිල ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ලොව පවතින අවිනිශ්චිතතාවය බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ අවිනිශ්චිතතාවය වර්ධනයවීමත් සමග ඇතමුන් වත්කම් රැස් කිරීමට පෙළඹෙන බවයි.

රත්රන් සම්බන්ධයෙන් වර්තමානයේ එවැනි තත්ත්වයක් උදාවී ඇති බවද ඔහු පැවසුවා.

මෙරට රත්රන් මිල ඉහළ යාමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙලෙස පැහැදිලි කළා.

“කැරට් 24” රන් පවුමක මිල ඊයේ පස්වරු රුපියල්  371,250ක් ලෙස සටහන් වුණා. “කැරට් 22” රන් පවුමක මිල සටහන් වුයේ රුපියල් 340,350ක් ලෙසයි.