සංවර්ධන ඉලක්කවලට මුල් තැන දෙමින් ලබන වසරට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සකස් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ රටේ ආර්ථිකය සැකසීම සඳහා අවශ්‍ය පසුබිම මෙවර අයවැය යෝජනාවට ඇතුළත් කළ යුතු බවයි.

ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීම කෙරෙහිද එහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

ලබන වසරට අදාළ අයවැය සකස් කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවසුවා.