රාජ්‍ය සේවය සඳහා මෙම වසරේදී අලුතෙන් 30,000ක් බඳවා ගන්නා බව අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා. වර්තමානයේද ආර්ථික වශයෙන් රටේ අඩුපාඩු පැවතියද ජනතාව වෙනුවෙන් මේ වන විටත් යම් සහන ලබා දී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අතරමැදි කන්නයේ මුං වගා කිරීමේ “පුනරුදයට අරුණළු” ප්‍රවර්ධන ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙලට එක්වෙමින් විෂයභාර අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළා. එය බඳගිරිය, කෑලිය වැලෑනේදී පැවැත්වුණා.